Friday, March 29, 2024

General line - 0115112241

රත්‍රං ආනයන බද්ධ අඩු කරන්න යෝජනා කෙරේ

ඩිල්ෂාන් මඩවල/ දිල්ශාන් තුෂාර




වැඩිකළ රත‍්‍රං ආනයන බද්ද යළි අඩු කරන්නැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රජයට යෝජනා කර තිබෙනවා.

මුලින් රත‍්‍රං ආනයන බද්ද සියයට 4.5ක් ලෙස පැවැති අතර පසුව එය සියයට 15ක් දක්වා වැඩි කෙරුණා. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රජයට යෝජනා කර ඇත්තේ එම බද්ද සියයට 7.5ක් දක්වා අඩු කරන ලෙසයි. 

එහි සභාපති පේෂල ජයරත්න ඊට හේතු පැහැදිළි කළා. එහිදී සඳහන් කෙරුණේ බදු වැඩි කිරීම තුළ රට තුල ඇති වී තිබෙන රත්තරන් හිඟය මග හැරවීම සහ රත්තරන් කර්මාන්තකරුවන් මුහුණ දෙන අපහසුතා මගහැරවීම වෙනුවෙන් මෙම පියවර ක්‍රියාත්මක විය යුතු බවයි. නැතහොත් ඉදිරියේදී රටේ රත්තරන් කර්මාන්තය කඩා වැටීමේ හැකියාවක්ද පෙන්නුම් කරන බවත් සඳහන් කළා.

රත‍්‍රං ආනයන බද්ද වැඩිකිරීමට රජය තීරණය කළේ රත‍්‍රං ආනයනය කර ප‍්‍රතිඅපනයනය කිරිමෙන් ඇතැම් පිරිස් අයථා ලාභ උපයා ගන්නා බවට චෝදනා කරමින්. මෙමගින් රටට ප‍්‍රතිලාභ අත්නොවන බවද රජය පැවසුවා. කෙසේවෙතත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පෙන්වා දෙන්නේ බදු වැඩිකර ජාවාරම් වළක්වාලිය නොහැකි බවයි. 

රත‍්‍රං ආනයන බද්ද වැඩිකිරීම නිසා දේශීය වෙළඳපලේ රත‍්‍රං හා ස්වර්ණාභරණවල මිලද ඉකුත් සමයේ ඉහළ ගියා.