Friday, March 29, 2024

General line - 0115112241

අනතුරු නොතකන අය (PHOTOS)

ජූඩ් සමන්ත




හලාවත - මුන්නේෂ්වරම් දේවාලයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් දැදුරුඔයේ දිය නෑම සාමාන්‍ය පුරුද්දක්.

නමුත් මෙම ස්ථානයේ  නිරන්තරයෙන් දියේ ගිලීම් සිදුවන නිසා ඒ බව දැක්වෙන පුවරුද සවි කර තිබෙනවා.

හලාවත කොට්ඨාශ බාර පොලිස් අධිකාරීවරයා සහ හලාවත ප්‍රාදේශීය සභාව විසින් සවි කර ඇති එම පුවරුද නොතකමින් විශාල ජනතාවක් දැදුරුඔයේ දිය නාමින් විනෝද වන ආකාරය මෙම ඡායාරූපවල දැක්වෙනවා.

පසුගිය 16 වැනිදා ද මෙම ස්ථානයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී මිය ගියා.