Saturday, April 20, 2024

General line - 0115112241

ගයන්තිකා අවසන් තරගයට - නිමාලිට වරම් නැති වෙයි (UPDATE)

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




18 වැනි ආසියානු කී‍්‍රඩා උළලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගයන්තිකා අබේරත්න අද (27) සමත් වුණා. 

ඒ තුන්වන මුලික වටයේ තරගයේදී 3 වන ස්ථානය දිනා ගනිමින්. තරග නිමි කාලය විනාඩි 2.6.31ක් ලෙස සටහන්වුණා.

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ පළමු මූලික වටයේ තරගයට එක් වූ නිමාලි ලියනආරච්චි 4 වැන්නා ලෙස තරග නිම කලත් ඇයට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවූයේ නැහැ. 

නිමාලිගේ තරග නිමි කාලය සටහන් වුණේ විනාඩි 2.6.74ක් ලෙසයි. ගයන්තිකා අබේරත්න සහභාගි වන මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට පස්වරු 6.00ට අරම්භ වීමට නියමිතයි.

 

-------------------------

නිමාලි - ගයන්තිකා අද ආසියානු තරග බිමේ

(27-08-2018 08:31)

 

මෙවර ආසියානු කී‍්‍රඩා උළලේ වේගවත්ම කී‍්‍රඩිකාව ලෙස බහරේනයේ ඔඩියොන්ග් තේරී පත්වුණා. 

ඒ ඉන්දුනීසාවේ ජකාර්තා නුවර ප‍්‍රධාන කී‍්‍රඩාංගණයේ ඊයෙ (26) රාති‍්‍රයේ පැවති මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්. ඇය දැක් වූ දක්ෂතාව තත්පර 11.30ක්. 

මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ඉන්දීය කී‍්‍රඩිකා ඩුටී චාන්ද් විසින්. 

ලෝකඩ පදක්කම චීනයේ වී යොන්ගි විසින් දිනා ගත්තා. 

මේ අතර ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා පදක්කම් බලාපොරොත්තු 3ක් අද ආසියානු තරග බිමට පිවිසෙනවා. 

නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න සහභාගි වන මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරග අද (27) පැවැත්වීමට නියමිතයි. 

මේ අතර නිලානි රත්නායක සහභාගි වන මීටර් තුන්දහස බාධක දිවීමේ මූලික වටයේ තරගයද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.