Saturday, April 20, 2024

General line - 0115112241

කුඩම්මාගේ සැලකිලි මැද ශ්‍රී ලංකා කැරම් ක්‍රීඩකයෝ ලෝක කුසලානය දිනයි (PHOTOS)

කසුන් කැළුම්




මෙවර දකුණු කොරියාවේ පැවති ලෝක කුසලාන කැරම් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. 
ඒ ඉන්දියාව පරාජය කරමින්. 

ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කළේ චමිල්, නිශාන්ත ශහීඩ් සහ උදේශ්. 

මේ අතර ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම මෙවර අනුශූරතාව දිනා ගැනීමට සමත්වුණා. යෂිකා, රොෂිටා. චලනි සහ මධුකා කාන්තා අවසන් තරගයේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළා. 

කැරම් සම්මේලනයට ස්ථිර ගොඩනැගිල්ලක් නොමැතිව මෙවැනි දක්ෂතා දැක්වීමද කැපී පෙනුනා. 

ශී‍්‍ර ලංකාවට පදක්කම් දිනා ගැනීමට නොහැකි කි‍්‍රඩා ඉසව් සඳහා කී‍්‍රඩා බලධාරීන් වැඩි සැළකිලි දක්වද්දී ශී‍්‍ර ලංකා කැරම් කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් දැක් වූ දක්ෂතා පැසසිය යුතුව තිබෙනවා. 

මෙවර ලෝක  කුසලාන කැරම් තරගාවලියට රටවල් 21ක් තරග වැදුනා.