Saturday, April 20, 2024

General line - 0115112241

මියන්මාර හමුදාවට සමුල ඝාතන චෝදනා

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මියන්මාර හමුදාවට එරෙහිව සමූල ඝාතන චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක් මගින් මෙම චෝදනා එල්ල කර ඇති බවයි. 

මියන්මාරයේ රකීනා ප‍්‍රදේශයේ සිදුවූ සමූල ඝාතන මෙන්ම එරට අනෙකුත් ප‍්‍රදේශවල සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් එරට හමුදාව වගකිව යුතු බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. 

මියන්මාර හමුදාවේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් 06 දෙනෙකුට එරෙහිව අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිකුත් කළ අදාළ වාර්තාවෙන් යෝජනා කර තිබෙනවා.