Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රීඩා ඇමති ICC නිලධාරීන් හමුවෙන්න යයි

මහේෂ් චතුරංග




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පළාත් සභා, පළාත් පාලන හා කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද (28) අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ නිලධාරීන් හමුවීමට දිවයිනෙන් පිටත්ව යනවා.

ඒ පිළිබඳ අමාත්‍යවරයා කරුණු දැක්වූයේ මෙලෙසයි.

"ICC ය දිගින් දිගටම කියන දෙයක් තමයි දේශපාලන මැදිහත්වීම්වලට ඒගොල්ලන් විරුද්ධයි කියන එක. එතනදී මම මේ නිලවරණය පවත්වන්න කලින් මැතිවරණ කොමිසම්..අභියාචනා ක්‍රියාදාමයන් ගැන යම් යම් සංශෝධන..ඒ රෙගුලාසි..සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගමනට මම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුත් අරං යනවා. ඉතිහාසයේ එහෙම ගිහින් නෑ."