Thursday, April 25, 2024

General line - 0115112241

වායු දූෂණයෙන් මිනිසාට ඇතිවන තවත් ආබාධ ගැන දීර්ඝ සමීක්ෂණයකින් හෙළිවෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දීර්ඝ කාලයක් පුරා වායු දූෂණයට මුහුණදීමෙන් වැළඳෙන්නේ හෘද හා පෙනහළු ආබාධ පමණක් නොවන බව අමෙරිකානු විශ්ව විද්‍යාලයක් සිදු කළ නවතම සමීක්ෂණයකින් අනාරවණ කර තිබෙනවා.

ඒ අනුව වායු දූෂණයට නිරාවරණය වීමෙන් මොළයේ කි‍්‍රයාකාරීත්වයට සහ මිනිසාගේ මතක ශක්තියටද අයහපත් බලපෑම් එල්ල වන බවයි එම සමීක්ෂණයෙන් අනාරවණය වී ඇත්තේ. 

ඒ අනුව දිගින් දිගටම වායූ දූෂණයට නිරාවරණය වීමෙන් විශේෂයෙන් මිනිසාගේ ගණිත හැකියාව හීන වී යා හැකි බවයි එමගින් වැඩිදුටත්  අනාවරණ වී ඇත්තේ.

පුද්ගලයින් 32,000ක් පමණ මූලික කර ගනිමින් වසර 04ක් පුරා සිදු කළ සමීක්ෂණයක් මගින් මෙම නවතම අනාවරණය සිදුකර ගෙන තිබෙනවා.