Thursday, April 25, 2024

General line - 0115112241

හබරණ - පොළොන්නරුව ප‍්‍රධාන මාර්ගයේ අවහිරතාව අවසන් (UPDATE)

සජිත් තිලකරත්න/ හර්ෂිකා සංජීවනී




හබරණ - පොළොන්නරුව ප‍්‍රධාන මාර්ගය මින්නේරිය ප‍්‍රදේශයෙන් අවහිර කරමින් සෆාරි ජීප් රථ හිමියන් සහ රියදුරන් ක‍්‍රියාත්මක කළ විරෝධතාව මේ වනවිට අවසන් කර තිබෙනවා. ඒ, වනජීවි නිලධාරීන් විසින් මින්නේරිය ජාතික වනෝද්‍යානය යළි විවෘත කිරීමට එකඟ වීමත් සමගයි.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන් හා ප‍්‍රදේශවාසීන් අතර ඇති වූ ගැටුමක් මුල් කරගනිමින් මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරුණා. ඊට එරෙහිවයි මෙම විරෝධතාව ක‍්‍රියාත්මක කෙරුණේ.  

-------------------------------------

සෆාරි ජීප් රථ රියදුරන්ගේ විරෝධතාවක් හේතුවෙන් හබරණ - පොළොන්නරුව ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය මින්නේරිය ප‍්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන තාවකාලිකව වසා දැමීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වනජීවි නිලධාරීන් හා ප‍්‍රදේශවාසීන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් මුල් කරගනිමින් ඊයේ මින්නේරිය ජාතික වනෝද්‍යානය වසා දැමුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප‍්‍රදේශවාසීන් කිහිපදෙනකු ද අත්අඩංගුවට ගැණුනා.