Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රභල භූමිකම්පාවකින් ඉන්දුනීසියාව යලිත් සෙලවෙයි

දිනුක් හේවාවිතාරණ




ඉන්දුනීසියාවේ නුෂා ටෙන්ගාරා ප්‍රාන්තයේ නැගෙනහිර මුහුදේ මැග්නිටියුඩ් ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙන බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරනවා. 

මෙම භුමිකම්පාව මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය ඉන්දුනීසියාවේ සෙසු දුපත් වලට පමණක් නොව උතුරු ඕස්ට්‍රේලියානු වෙරළ කලාපයටද දැණුනු බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

භූමිකම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් මෙතෙක් ඉන්දුනීසියානු බලධාරීන් විසින් නිකුත් කර නොමැත.