Thursday, April 25, 2024

General line - 0115112241

දැවැද්ද නොදුන් නිසා ක්‍රිකට් ක්‍රීඩකයා සිය බිරිදව නිවසින් පන්නා දමයි

දිනුක් හේවාවිතාරණ




දැවැද්ද නොලැබීම නිසා සිය සැමියා විසින් තමන්ට වදහිංසා පැමිනවූ බව සදහන් කරමින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් විසින් එම ක්‍රීඩකයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවෙක් වන මොසාඩ්ඩෙක් හුසෙයින් සයිකට්ගේ බිරිද වන ෂාමින් සමිරා උෂා විසින් මෙම නඩුව ගොනු කර ඇති බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.

මෙම මැද පෙළ පිතිකරුවා ලබන සැප්තැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සදහා වන බංග්ලාදේශ සංචිතයට ඇතුලත්ව සිටිනවා.

අවුරුදු 22ක් වයසැති මෙම ක්‍රිකට් ක්‍රීඩකයා සිය ඥාති සහෝදරියක් වන ෂාමින් සමිරා උෂා සමග විවාහ වී ඇත්තේ මිට වසර 06 කට ඉහතදීය. එහිදී අමෙරිකානු ඩොලර් 12,003 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 1.9 ක්) දැවැද්ද වශයෙන් ලබාදීමට තින්දු කර ඇති අතර එය මෙතෙක් නොලැබීම නිසා ඔහු විසින් සිය බිරිදව නිවසින් පන්නා දමා දික්කසාදය ඉල්ලා ලිපිද යොමු කර ඇති බව අධිකරණයේදී කරුණු හෙළිවී තිබෙනවා.

පැමිණිලිකාරිය වෙනුවෙන් අධිකරණයේදී කරුණු දක්වමින් ඇයගේ නීතිඥවරයා සදහන් කර ඇත්තේ මෙම ක්‍රිකට් ක්‍රීඩකයා විසින් දිගු කාලයක් සිය බිරිදට දැවැද්ද ලබා දෙන්නයි ඉල්ලා වදහිංසා වලට ලක් කර ඇති බවයි.

මේ අනුව මෙම වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව නඩුව විභාග කිරීමට බංග්ලාදේශ අධිකරණය තීරණය කර තිබෙනවා.