Friday, March 29, 2024

General line - 0115112241

හිටපු ඕස්ට්‍රේලියානු අගමැති මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වීමේ සුදානමක්

තරංග රුක්ෂාන් ජයසේකර




අග‍්‍රාමාත්‍ය ධුරය අහිමි වූ මැල්කම් ටර්න්බුල්  ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවත් වීමට සූදානම් වනවා. ලබන සිකුරාදා ඔහු සිය තීරණය ප‍්‍රකාශයට පත් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය අද (28) වාර්තා කළේ. 

මැල්කම් ටර්න්බුල්ට ඉකුත්දා ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ධුරය අහිමි වුයේ පක්ෂ නායකත්වය ඔහුට අහිමි වීමත් සමඟයි. නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස ස්කොට් මොරිසන් පත් කෙරුණා. මෙම පුටු මාරුව හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියාවේ අතුරු මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණු ස්කොට් මොරිසන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිවනු ඇත්දැයි සැක සහිත බව දේශපාලන විචාරකයින් පවසනවා.