Thursday, April 25, 2024

General line - 0115112241

ඉදුනිල් - ගයන්තිකාගේ පදක්කම් බලාපොරොත්තු බිද වැටේ රුමේෂිකාට 6 වන තැන

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ශී‍්‍ර ලංකාව වැඩි පදක්කම් බලාපොරොත්තු දල්වා සිටි මලල කී‍්‍රඩා ඉසව් කිහිපයක අවසන් තරග අද (28) පැවැති අතර ඉන් සාර්ථක පල නෙලාගන්නට ශී‍්‍ර ලංකා කි‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට හැකි වූයේ නැහැ. 

මීටර් 800 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ ඉඳුනිල් හේරත්ට හිමි වූයේ අවසන් සහ 8 වැනි ස්ථානය. අවසන් තරගයට සුදුසුකම් ලැබූ කී‍්‍රඩකයන්ගේ කාල ගණනයට අනුව ඉඳුනිල් හේරත් පසුවුණේ 3 වැනි ස්ථානයේයි. කෙසේ වෙතත් අවසන් තරගයේ 8 වැන්නා ලෙස තරගය නිම කළ ඉදුනිල්ගේ තරග නිමි කාලය විනාඩියයි තත්පර 51 යි දශම 3 යි 6ක් ලෙස සටහන් වුණා.

ගයන්තිකා අබේරත්න සහභාගි වූ මීටර් 800 ධාවන ඉසව්වේ අවසන් තරගයද අද පස්වරුවේ පැවති අතර එහිදී ඇයට හිමි වූයේ 6 වන ස්ථානය. ඇගේ තරග නිමි කාලය විනාඩි දෙකයි තත්පර 5 යි දශම 5 යි බින්දුවක් ලෙස සටහන් වුණා.

මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයට එක් වූ රුමේෂිකා රත්නායකට හිමිවූයේ 6 වන ස්ථානය. රුමේෂිකාගේ තරග නිමි කාලය තත්පර 24 යි දශම 0 යි 5ක් ලෙස සටහන් වුණා.