Friday, April 26, 2024

General line - 0115112241

මුදලට තරග පාවාදිමේ නවතම විඩියෝව ලගදීම : ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයින්ට චෝදනා

දිනුක් හේවාවිතාරණ




මුදලට ක්‍රිකට් තරග පාවාදිම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයින්ට එරෙහිව අල් ජසීරා මාධ්‍ය ආයතනය විසින් සකස් කරන ලද නවතම ගවේෂනාත්මක විඩියෝ පටය නුදුරේදිම එළි දැක්විමට නියමිත බව වාර්තා වනවා.

මෙම වීඩියෝ පටයට අනුව මුදලට තරග පාවාදිමේ චෝදනාව සම්බන්ධයෙන් වර්තමානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රිඩා කරනු ලබන ක්‍රිඩකයින් මෙන්ම හිටපු ක්‍රිඩකයින්ද අයත්ව සිටින බවට වාර්තා වනවා.

මුදලට තරග පාවා දිමේ සිද්ධින් සම්බන්ධයෙන් එළිදැක්විමට නියමිත මෙම නවතම ගවේෂනාත්මක විඩියෝ පටය පිළිබදව ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයද මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ අනුව 2011 වසරේ සිට පැවති පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය, අළු බදුන තරගාවලිය, බංග්ලාදේශ, ශ්‍රි ලංකාව, දකුණු අප්‍රිකානු තරග සංචාරයන්ට අමතරව ඕස්ට්‍රේලියාවෙදි පැවති නවසීලන්ත සහ ඉන්දිය තරගාවලීයන් හිදි මුදලට තරග පාවා දිම් සම්බන්ධයෙන් සිය ක්‍රිඩකයින්ට එරෙහිව නැගී තිබෙන චෝදනා ගැන විමර්ෂණයක් සිදුකරන බවට ක්‍රිකට් ඕස්ට්‍රේලියා ප්‍රධාන විධායක නිළධාරි ජේම්ස් සදර්ලන්ඩ් තහවුරු කර සිටිනවා.

එමෙන්ම තමන් විසින් සිදුකරනු ලබන විමර්ෂණයන්ට අදාල සියළු තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබාදෙන බවයි ක්‍රිකට් ඕස්ට්‍රේලියා ප්‍රධාන විධායක නිළධාරියා සදහන් කර සිටියේ.

මේ අතර අල් ජසීරා මාධ්‍ය ආයතනය විසින් විකාශනය කළ මුදලට තරග පාවාදිමේ සිද්ධියට අදාල පළමු විඩියෝවේ සිටින අනිල් මුනාවර් නම් බුකීකරු පිළිබදව මෙතෙක් නිල වශයෙන් කරුණු තහවුරු කර ගැනිමට නොහැකිව ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.

මුදලට තරග පාවාදිම් සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ආයතනය විසින් නිකුත් කළ පලමු විඩියෝ පටයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකල විමර්ෂණය සදහා එම මාධ්‍ය ආයතනය නිසි සහයෝගයක් නොදැක්විම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවි තිබෙනවා.

විශේෂයෙන්ම අනිල් මුනාවර් කවුරුන්ද යන්න ගැන මෙතෙක් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනිමට නොහැකිවි ඇත්තේ මේ හේතුවෙන් බවයි අයිසිසිය සදහන් කරන්නේ.

ඔහු පිළිබද සත්‍ය තොරතුරු ගැන දන්නා පුද්ගලයින්ට ඒ පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දිම සදහා විශේෂ දුරකථන අංකයක් සහ විද්යුත් තැපැල් ලිපිනයක්ද ලබා දිමට අයිසිසිය කටයුතු කර තිබෙනවා.