Tuesday, April 23, 2024

General line - 0115112241

වසර 37කට පසුව රුසියාව දැවැන්ත යුධ අභ්‍යාසයකට සුදානම් වෙයි

දිනුක් හේවාවිතාරණ




සෙබළුන් 300,000 ක සහභාගිත්ව යෙන් යුක්තව රුසියාව විසින් වසර 37 කට පසුව අති දැවැන්ත යුධ අභ්‍යාසයක් පැවැත්විමට සුදානම් බව රුසියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සදහන් කරනවා.

රුසියාව අවසන් වරට දැවන්ත යුධ අභ්‍යාසයක් පැවැත්වුයේ 1981 වසරේදී. ඒ ශිත යුධ සමයේදිය.

වෝස්ටොක් 2018 ලෙස නම් කර තිබෙන මෙම යුධ අභ්‍යාසය සැප්තැම්බර් මස 11 වෙනිදා සිට 15 දක්වා පැවැත්විමට නියමිතයි.

මෙම යුධ අභ්‍යාසය හේතුවෙන් තම රටට එරෙහිව එල්ලවු "අහිතකාමි සහ ආක්‍රමණශීලී" ක්‍රියා කළාපයන්ට අභියෝග කරමින් ලබාදෙනු ලබන පිළිතුරක් ලෙස තමන් විශ්වාසකරන බවයි රුසියාව සදහන් කරන්නේ.

මෙම යුධ අභ්‍යාසය සදහා තුන්ලක්ෂයක හමුදා බල ඇණියක්, යුධ ටැංකි ඇතුළු හමුදා රථ 36,000ක්, ගුවන් යානා 1000 ක් සහ නාවික හමුදාවේ ප්‍රහාරක නැව් දෙකක් එක්  විමට නියමිත බව රුසියානු ආරක්ෂක අමාත්‍ය Sergei Shoigu සදහන් කර සිටියේ.

ඊට අමතරව ච්නය සහ මොංගෝලියානු හමුදා බළ ඇණි කිහිපයක්ද මෙම රුසියානු යුධ අභ්‍යාසයට එක්විමට නියමිතයි.

නේටෝව සමග මතභේදාත්මක ගැටළුවක් පැන නැගි ඇති මොහොතක රුසියාව දැවැන්ත යුධ අභ්‍යාසයක් පැවැත්විමට කටයුතු කිරිමද විශේෂත්වයක්.