Saturday, April 20, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණය ගැන මහින්ද දේශප්‍රිය සහ සීමානීර්ණ කොමිසමේ සභාපති එකම වේදිකාවේ උත්තර දෙයි



දැඩි කතාබහකට ලක්ව ඇති පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසහනේදී ඊයේ (28) රාති‍්‍රයේ සාකච්ඡා කෙරුණා.

ඊට එක්වූයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයයි. මැතිවරණය කල් යනු ඇත්දැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් මෙහිදී විමසීමක් කළා. 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද මෙම වැඩසටහනට එක්වෙමින් සීමානිර්ණ වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මෙම වැඩසටහනට සීමානිර්ණ කොමිසමේ සභාපති ආචාර්ය කේ. තවලිංගම් ද සහභාගී වුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.