Tuesday, April 16, 2024

General line - 0115112241

ට‍්‍රම්ප් සමාජ මාධ්‍යජාල වෙත අනතුරු ඇඟවයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමාජ මාධ්‍ය ජාල වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ට‍්‍රම්ප් පවසන්නේ සමාජ ජාල මාධ්‍යයන් අර්බුධකාරී අයුරින් කටයුතු කරමින් සිටින බවයි. ඒ අනුව ගූගල්, ට්විටර් හා ෆේස්බුක් යන සමාජ ජාලයන් සුපරික්ෂාකාරීව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඒ අතරින් ගූගල් සමාගම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ අවදානයක් යොමු කර ඇතැයි සඳහන්. ඒ, ට‍්‍රම්ප් නිවුස් යන මාතෘකාව පිරික්සීමේදී ගූගල් විසින් නිකුත් කර ඇති කරුණු සම්බන්ධවයි.

මෙම සියලූ කරුණු සලකා බලා සමාජ මාධ්‍ය ජාලයන් නියාමනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු පාලනාධිකාරියේ අවධානය යොමු ඇති බවයි ජනාධිපති ට‍්‍රම්ප් සඳහන් කළේ. එමෙන්ම ෆේස්බුක් මෙන්ම ට්විටර් සමාගම්ද ප‍්‍රවේශම් විය යුතු කාලය එළඹ ඇති බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා. 

කෙසේ වෙතත් දේශපාලන පක්ෂග‍්‍රාහීත්වය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගූගල් සමාගම ප‍්‍රතික්ෂේප කළා. එම සමාගම පවසන්නේ තමන් කිසිවකුගේ දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුගමනය නොකරන බවයි. එහෙත් ගූගල් සමාගම විවිධ අවස්ථාවන්වලදී, විවිධ පුද්ගලයින්ගෙන් වාසි ලබා ගෙන ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ ප‍්‍රසිද්ධියේ චෝදනා කර තිබුණා. 

ජනාධිපති ට‍්‍රම්ප් අමෙරිකානු මාධ්‍යයන්ට මීට පෙර අනතුරු ඇගවීම් සිදු කර තිබුණත්, සමාජ මාධ්‍යයන්ට ප‍්‍රසිද්ධියේ අනතුරු ඇඟවූ පළමු අවස්ථාව මෙයයි.