Wednesday, April 24, 2024

General line - 0115112241

දකුණු පැසිෆික් මුහුදේ ඒකක 7.1 ක භුකම්පනයක් : රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

දිනුක් හේවාවිතාරණ




දකුණු පැසිෆික් සාගරයේ පිහිටි New Caledonia දුපත ආශ්‍රිත මුහුදු කළාපයේ මැග්නිටියුඩ් ඒකක 7.1 ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙන බවට අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කරනවා. 

මෙම භූමිකම්පාව මුහුදු පත්ලේ සිට කිලෝමිටර් 10ක් ගැඹුරින් සිදුව ඇති අතර මේ හේතුවෙන් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් New Caledonia, වනාටු සහ ෆිජි දුපත්, පැපුවා නිව් ගිනියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ වෙරළ කළාපයන් සදහා සදහා සුනාමි අනතුරු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


භූමිකම්පාව හේතුවෙන් සිදුවු දේපල හෝ ජිවිත හානි පිළිබඳව මේ දක්වා වාර්තා වී නොමැති බව රොයිටර් පුවත් සේවය සදහන් කරනවා.

භූවිද්‍යාඥයින් සදහන් කරන්නේ පැසිෆික් කළාපය ආශ්‍රිතව සිදුවන භුමිකම්පාවල ඉහල යාමක් පසුගිය මාස 02 ක තුලදී නිරීක්ෂණය වී ඇති බවයි.