Friday, March 29, 2024

General line - 0115112241

විරෝධයක් නෑ..විශ්වාසයකුත් නෑ



දූෂණ හා වංචාවලට එරෙහිව සිදු කෙරෙන අධිකරණ ක‍්‍රියාමාර්ග කෙරෙහි තමන්ගේ විරෝධයක් නැතත් ඒ පිළිබඳ ආණ්ඩුවේ ප‍්‍රවේශය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (29) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදීයි. 

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අතර පවතින මත ගැටුම් පිළිබඳව මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. කංචන විජේසේකර මන්ත‍්‍රීවරයා එහිදී කියා සිටියේ මත ගැටුම් ඇත්නම් ඒවා කණ්ඩායම ඇතුළත විසඳගත යුතු බවයි. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.