Wednesday, April 24, 2024

General line - 0115112241

බුර්කාව ඇඳ සිටි පිරිමියා ආවේ පළිගන්න බව හෙළිවෙයි (VIDEO)




මුස්ලිම් කාන්තාවක් ලෙස මුහුණ ආවරණයවන ආකාරයේ ඇඳුමක් (බුර්කාව) ඇඳගෙන පැමිණි පිරිමි පුද්ගලයා එසේ සිදු කිරීමට හේතුව මේ වන විට අනාවරණව වෙමින් පවතිනවා.

වැලිකඩ ප්ලාසා පොදු වෙළඳ සංකීර්ණය අසළ රැඳී සිටියදී ඊයේ (29) මෙම පුද්ගලයාව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. 

ත්‍රිරෝද රථයකින් පැමිණි මේ තැනැත්තා පිළිබඳ ඇතිවූ සැකයක් හේතුවෙන් ත්‍රිරෝද රථ රියදුරාගේ දැනුම්දීමක් මත කරන ලද පරීක්ෂා කිරීමකදී මේ බව අනාවරණය වී තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු යම් පාර්ශ්වයකින් පළි ගැනීමේ අදහසින් මෙලසෙ වෙස්වලා ගනිමින් පැමිණ ඇති බවයි. ලබාගත් ණය මුදලක් සම්බන්ධයෙන් ගෙවා ගත නොහැකිවීම මත ඔහු දැඩි පීඩනයකින් සිට ඇති බවත් සඳහන්.