Friday, March 29, 2024

General line - 0115112241

ඉෂාරාට මේස පන්දු ජයක් - චාමර සහ රජිත ජුඩෝ ඉසව්වලින් පරදියි

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




මේස පන්දු කාන්තා කේවල ඉසව්වේ තිස් දෙදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ ඉෂාරා මධුරංගි අද (30) උදෑසන සමත්වුණා. 

ඒ මූලික වටයේ තරගයකදී වට 4ට බින්දුවක් ලෙස පාකිස්තානු කී‍්‍රඩිකාවක් පරාජය කරමින්. ඇය දෙවන වටයේදී ශ්‍රේණිගත කිරීම්වල 5 වන ස්ථානයේ සිටින චීන කී‍්‍රඩිකාවක් සමග තරග වැදීමට නියමිතයි.

මේ අතර පිරිමි ජූඩෝ ඉසව් සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් දෙදෙනෙකු එක් වූ අතර ඔවුන්ට සාර්ථක වන්නට අද හැකියාව ලැබුණේ නැහැ. 

කිලෝග‍්‍රෑම් 81 බර පන්තියෙන් තරග වැදුණු රජිත පුෂ්පකුමාර ඉන්දීය කී‍්‍රඩකයෙකු හමුවේ පරාජයට පත් වුණා. 
කිලෝග‍්‍රැම් 73 බර පන්තියෙන් තරග වැදුණු චාමර නුවන් ධර්මවර්ධන එහිදි පරාජය වූයේ කිරිගිස්තාන් කී‍්‍රඩකයෙකු හමුවේයි.

මේ අතර ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම අද දිනයේ ආසියානු තරග බිමට පිවිසෙනවා. ඔවුන් සහභාගි වන පළමු තරගය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිත අතර ප‍්‍රතිවාදීන් වන්නේ එක්සත් අරාබි එමීර් රාජය්‍යයි. 

ශී‍්‍ර ලංකාව සහ ප‍්‍රබල දකුණු කොරියාව අතර තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම මේ වන විට ආසියානු රග්බි ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 4 වන ස්ථානයේයි.