Thursday, March 28, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ BMW මුලස්ථානය පොලිසියෙන් වටලයි

දිනුක් හේවාවිතාරණ




දකුණු කොරියානු පොලිසිය විසින් එරට පිහිටි BMW මුලස්ථානය වටලා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා. ඒ මෙම වසරේ ගතවූ කාල සීමාවේදී BMW කාර් රථ 40ක එංජින් ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

දකුණු කොරියානු පොලිස් බලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට BMW මුලස්ථානයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බවත් කාර් රථවල ඇතිවූ දෝෂ සම්බන්ධයෙන් වන තොරතුරු ගැන සොයා බැලීමක් සිදුකමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.

BMW රථවල ඇතිවූ දෝෂ හේතුවෙන් දකුණු කොරියාව විසින් ඉකුත් මාසයේදී ඩිසල් එංජින් සහිත වාහන 106,000ක් ආපසු කැඳවීමටද පියවර ගෙන තිබුනා.

මිට අමතරව නිසි ප්‍රමිති පරීක්ෂාවකින් තොරව BMW වාහන ධාවනය තහනම් කරමින් දකුණු කොරියානු රජය පසුගිය මාසයේදී නව නීතියක්ද පැනවීමට පියවර ගෙන තිබුනා.

වර්තමානයේ පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් දකුණු කොරියාවේ පිහිටි BMW මුලස්ථානය දැඩි නීතිමය ගැටළුවලට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනවා.

දකුණු කොරියාවේ භාවිතයට ගැනෙන වාහන 10 කින් 6ක් BMW රථ විමද විශේෂත්වයක්.