Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා රග්බි පිල පළමු ජය ලබයි

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




18 වැනි ආසියානු කී‍්‍රඩා උළෙලේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට සුදර්ශන මුතුතන්ති‍්‍රගේ ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම අද (30) දහවල් සමත් වුණා. එ් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ලකුණු 68-0 ක් ලෙස පහසුවෙන් පරාජය කරමින්. 

පළමු අර්ධය නිමා වන විට ලකුණු 28ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටියේද ශ‍්‍රී ලංකාවයි. කවිදු පෙරේරා උත්සහක දිනුම් 3ක් වාර්තා කළ අතර අනුරාධ ශී‍්‍රනාත් සහ දනුෂ් දයාන් උත්සාහක දිනුම් 2ක බැගින් වාර්තා කළා. ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් මෙම තරගයේදී වාර්තා කළ උත්සහ දිනුම් සංඛ්‍යාව 10ක්. 

ශී‍්‍ර ලංකාව ප‍්‍රවර්තන 9ක්ද සාර්ථක කර ගැනීමට සමත් වුණා. ශී‍්‍ර ලංකාව සහභාගි වන මීළග තරගය අද පසවරුවේ ප‍්‍රබල දකුනු කොරියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.