Friday, April 19, 2024

General line - 0115112241

ක්‍රිකට් නිලවරණය තියන්න ICCය කල්දෙයි

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට ලබන වසරේ පෙබරවාරි 9 වනදා දක්වා අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය කල් ලබාදී තිබෙනවා. මැතිවරණ කටයුතු පැවැත්වෙන කාලසිමාවේදි එම කටයුතු කළමණාකරණය කිරීම සදහා කි‍්‍රකට් ආයතනයේ නිසි බලධාරියෙකු සමග ස්වාධීන සාමාජිකයන් සිව් දෙනෙකු පත් කිරීමටයි යෝජනා වී ඇත්තේ. 

මෙම කරුණු පිළිබද කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා හා අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ සභාපතිවරයා අතර ඉකුත්දා පැවති සාකච්ඡාවේදී එකගතාවකට පැමිණ ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. නිලවරණය පැවැත්වීමට පත් කෙරෙන මැතිවරණ කමිටුව සම්බන්ධයෙන්ද එහිදී එකගතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව මැතිවරණ කමිටුව විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙක්, මැතිවරණ දෙපාර්තමේන්තුවේ හෝ මැතිවරණ කොමිෂන් සභාවේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු සහ මැතිවරණ පැවැත්වීමේ කි‍්‍රයාවලිය පිළිබද දැනුම ඇති නිලධාරියෙකුගෙන් සමන්විත විය යුතුයි. එම කමිටුව පත් කළ දින සිට මසකට නොඅඩු කාලයක් තුළ නාමයෝජනා කැදවිය යුතු වනවා. 

මැතිවරණ කමිටුව ගනු ලබන තීරණ සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවේ නම් අභියාචනා ඉදිරිපත් කිරීම සදහාද කමිටුවක් පත් කිරීමට යෝජනා වී තිබෙනවා. එම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ‍්‍රාමික විනිශ්චකාරවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවටයි කී‍්‍රඩා අමාත්‍යවරයා සහ අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී එකගතාව පළ වී ඇත්තේ.