Friday, April 19, 2024

General line - 0115112241

අවසන් මොහොතේ ශී‍්‍ර ලංකාවට පදක්කම අහිමි වෙයි

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




මීටර් 400 හතර පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගය පිළිබද ශී‍්‍ර ලංකාව තැබූ බලාපොරොත්තු අද (30) රාති‍්‍රයේ බිද වැටුණා. ශී‍්‍ර ලංකාව තරගය නිම කළේ සිවුවැන්නා ලෙසයි. අරුණ දර්ශන පළමු වටය දෙවැන්නා ලෙස නිම කළේ හොද ආරම්භයක් ලබා ගනිමින්. 

මූලික වටය මෙන් නොව මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන්ට හොද තරගයක් ලබාදිම කැපී පෙනුනා. ශී‍්‍ර ලංකාවේ තරග නිමි කාලය විනාඩි 3 යි තත්පර 2යි දශම 7 යි 4ක් ලෙස සටහන් වුණා. මෙම තරග නිමි කාලය ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා ඉතිහාසයේ පිරිමි මීටර් 400  සහාය දිවීමේ ඉසව්වේ වාර්තා වූ දෙවන හොදම කාලය වනවා.

මීටර් 400 හතර පිරිමි සහාය දිවීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර ඉන්දියාව රිදී පදක්කම දිනා ගත්තා. ලෝකඩ පදක්කම දිනා ගත්තේ ජපානය විසින්.

මීටර් 400 හතර පිරිමි සහාය දිවිමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිද දැමීමට ඉතා ආසන්න වූ මෙම දක්ෂතාව කැපී පෙනුනා.

 රොහාන් ප්‍රදීප් කුමාර ප්‍රමුඛ කණ්ඩායම එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නේ විනාඩි 3 යි තත්පර 2 යි 7 යි 1ක් වාර්තා කරමින්.