Friday, March 29, 2024

General line - 0115112241

තීරණාත්මක සටනේ ජය ශ්‍රී ලංකාවට (UPDATE)

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ශී‍්‍ර ලංකා රග්බි පිල අර්ධ අවසන් වටයට 18 වැනි ආසියානු කී‍්‍රඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව අද දහවල් සමත්වුණා. එ් ඇෆ්ගනිස්ථානය 36ට බින්දුවක් ලෙස පරාජය කරමින්. ශී‍්‍ර ලංකාව අද පස්වරුවේ අර්ධ අවසන් තරගයට සහභාගි වන අතර ප‍්‍රතිවාදී කණ්ඩායම අද පැවැත්වෙන ඉදිරි තරග අනුව තීරණය වනු ඇති. ශී‍්‍ර ලංකාව මේ වන විට ආසියානුු ශේ‍්‍රණිගත කිරීම්වල පසුවන්නේ 4 වන ස්ථානයේයි. ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම මූලික වටයේදී පරාජය වූයේ දකුණු කොරියාව හමුවේ පමණයි

-------------------------------------------

ශී‍්‍ර ලංකා රග්බි පිල අද තීරණාත්මක සටනක

31-08-2018 08:46

18 වැනි ආසියානු කී‍්‍රඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද (31) පැවැත්වෙනවාග එ් ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි. ශී‍්‍ර ලංකා රග්බි පිල මෙම තරගය ජය ගතහොත් ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති. ඊයේ පැවති මූලික වටයේ පළමු තරගයේදී ලකුණු 68ට බින්දුවක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරාජය කිරීමට ශී‍්‍ර ලංකා රග්බි පිල සමත් වුණා. සුදර්ශන මුතුතන්ත‍්‍රිගේ ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම දෙවන තරගයේදී දකුණු කොරියාව හමුවේ පරාජයට පත් වුණේ ලකුණු 31 ට 26ක් ලෙසයි.

ශී‍්‍ර ලංකා රග්බි පිල සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ශී‍්‍ර ලංකා වේලානේ අද පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.