Saturday, April 20, 2024

General line - 0115112241

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වායු කාන්දුවක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වායු කාන්දුවක් සිදුවන බවට ගගනගාමීන් පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා. මෙම කාන්දුව සිදුවන්නේ ඉකුත් ජූනි මාසයේදී, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නව කාර්යය මණ්ඩලයක් රැුගෙන ගිය කැප්සියුලයක ඇති සිදුරකින් බවයි වැඩිදුරටත් සොයා ගෙන ඇත්තේ. එහෙත්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින කාර්යය මණ්ඩලයේ කිසිවෙකුට මෙයින් හානියක් නොමැති බවද ප‍්‍රකාශ කෙරුණා.

මෙම කැප්සියුලය ස්ථානගත කර ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් 400ක් ඉහළින් අභ්‍යවකාශයේයි. අභ්‍යවකාශය තුළ වේගයෙන් ගමන්කරන පාෂාණයක් එහි ගට්ටනය වීමෙන් සිදුර සෑදෙන්නට ඇතැයි සැක කෙරෙනවා.