Saturday, April 20, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන් පිරිසකගේ පවුල්වල ඥාතීන් 05දෙනෙකු ත‍්‍රස්ත කණ්ඩායමක් විසින් පැහැරගනී

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීයාවේ ජම්මු කාශ්මීර පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් පිරිසකගේ පවුල්වල ඥාතීන් 05දෙනෙකු කිසියම් ත‍්‍රස්ත කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා. කාශ්මීරයේ දකුණු දිග ප‍්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයින් පිිරිස සොයා කාශ්මීරය පුරා දැවැන්ත මෙහෙයුමක් කි‍්‍රයාත්මක බවද සඳහන්. කෙසේවෙතත් මෙලෙස පැහැර ගැනීමට ලක්වූ පිරිස කවුරුන්ද යන්න හෝ ඒ පිිළිබඳ වෙනත් තොරතුරු කිසිවක් බලධාරීන් විසින් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ. 

මෙම පැහැර ගැනීම සිදුව තිබෙන්නේ ජාත්‍යන්තරයට අවශ්‍යව තිබූ ත‍්‍රස්ත නායකයෙකු ලෙස හැඳින්වෙන සෙයිඞ් සලහුදීන්ගේ පුත‍්‍රයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.