Wednesday, April 24, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා රග්බි පිල පදක්කමකට ළං වෙයි

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




පදක්කම් බලාපොරොත්තුවක් දල්වමින් මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව අද (31) පස්වරුවේ සමත් වුණා. එ් අර්ධ අවසන් පූර්ව තරගයේදී චීනය 17-12ක් ලෙස පරාජය කරමින්. 

ශී‍්‍ර ලංකාව අද උදෑසන පැවති මූලික වටයේ අවසන් තරගයේදී ඇෆ්ගනිස්තානය 36-0ක් ලෙස පහසුවෙන් පරාජය කළා. ශී‍්‍ර ලංකාව අවසන් පූර්ව පූර්ව වටයේදී තරග වදින්නේ ප‍්‍රබල ජපානය සමගයි. ශී‍්‍ර ලංකාව සහ ජපානය අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට (01) පස්වරු 12:30ට ආරම්භ වීමට නියමිතයි.