Wednesday, April 24, 2024

General line - 0115112241

පලස්තීන සරණාගතයින්ට ලබා දෙන අමෙරිකානු ආධාර අත්හිටුවයි

දිනුක් හේවාවිතාරණ




පලස්තීනයේ සරණාගතයින් සදහා සහන සලසන එක්සත් ජාතීන්ගේ සංවිධානයන් වෙත අරමුදල් සැපයීම නතර කිරීමට අමෙරිකානු එක්සත් ජනපදය තීරණය කර තිබෙන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

පලස්තීනයේ සහන සේවා සපයනු ලබන එක්සත් ජාතීන්ගේ සහන හා සේවා ඒජන්සිය නොසැලකිලිමත්ව කටයුතු කරනු ලබන බවට අමෙරිකාව චෝදනා කරනවා.

ගතවූ කාලසීමාවේ සිදුවූ කටයුතු සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් සොයා බැලීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සහන හා සේවා ඒජන්සිය වෙත අමතර දායකත්වයක් නොදැක්වීමට අමෙරිකාව තීරණය කළ බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා  Heather Nauert ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී සදහන් කලේ.

අමෙරිකාවේ මෙම පියවර සිය ජනතාවට එරෙහිව සිදුකළ එකක් බව පලස්තීන ජනාධිපති මුහුමද් අබ්බාස්ගේ ප්‍රකාශකයෙක් සදහන් කර සිටියා. එමෙන්ම මෙම තීරණය එක්සත් ජාතීන්ගේ යෝජනාවන්ට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ එකක් බවට එම ප්‍රකාශකයා සදහන් කර සිටිනවා.