Thursday, April 25, 2024

General line - 0115112241

කි‍්‍රකට් නිලවරණය දෙසැම්බර් අවසන් වීමට පෙර - ෆයිසර් ඉන්දුනීසියාවේ සිට කියයි

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය සහ කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සමග ඉකුත්දා කි‍්‍රකට් ආයතනයේ ඉදිරි පරිපාලන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් ඩුබායි නුවරදී ඉකුත්දා පැවැත් වුණා. ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගි වීම සදහා කී‍්‍රඩා අමාත්‍යවරයා ඉන්දුනීසියාවේ ජකාර්තා  නුවර වෙත පැමිණි අවස්ථාවේ ඒ පිළිබදව විමසා බලන්නට නෙත් ස්පෝර්ට්ස්මන්ට හැකියාව ලැබුණා. 

කී‍්‍රඩා අමාත්‍යවරයා එහිදී කියා සිටියේ කි‍්‍රකට් නිලවරණයට අදාළ රෙගුලාසි ඉදිරියේ සතියේදී සකස්කරන බවයි. දෙසැම්බර් මස අවසන් වීමට පෙර කි‍්‍රකට් නිලවරණය පැවැත්වීමට තමන් අපේක්ෂා කරන බවයි කි‍්‍රඩා අමාත්‍යවරයා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ. මේ වන විට කි‍්‍රකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන කි‍්‍රඩා අමාත්‍ය ලේකම් කමල් පද්මසිරිට සහාය දීම සදහා තවත් සාමාජිකයන් 4 පත් කිරීමට නියමිතයි. 

ස්වාධීන කමිටුවට පත් කරන සාමාජිකයන් 4 දෙනා පිළිබද අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, එම සිවුදෙනා කි‍්‍රකට්වලට සම්බන්ධ පාර්ශ්ව නොවන බවත් ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවා. බොහෝ දෙනා මෙම ස්වාධින කමිටුව අතුරු කමිටුවක් ලෙස හැදින්වුවද එය සත්‍යක් නොවන බවයි  කී‍්‍රඩා අමාත්‍යවරයා පැවසුවේ.