Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

සමන්ත කුමාර




මැඩගස්කරයට ආසන්න ඉන්දියන් සාගරයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප‍්‍රභලත්වය වාර්තා වන්නේ රිච්ටර් පරිමාණ 5.5ක් ලෙසයි. එම සාගර කලාපයේ සැතපුම් 06.02ක් පමණ වන භූ පතුලේ මෙම කම්පන තත්ත්වය හටගෙන ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ. 

නෙත් නිවුස් කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම භූ කම්පනය ශී‍්‍ර ලංකාවේ සිට කිලෝ මීටර් 3700ක් දුරින් දකුණු දෙසින් පිහිටි ඉන්දියන් සාගර කලාපයේ ගැඹුරු භූ පතුලේ සිදුව ඇති බවයි. මෙරට වේලාවෙන් උදෑසන 11.43 ට පමණ භූ කම්පනය සිදුව ඇති බවත් ඉන් ශී‍්‍ර ලංකාවට කිසිදු අවදානමක් නොමැති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.