Thursday, April 25, 2024

General line - 0115112241

ආසියානු කුසලානයට ඉන්දියාව විරාත් කෝලි විවේක ගන්වයි

දිනුක් හේවාවිතාරණ




සැප්තැම්බර් 15 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සංචිතය අද (01) නම් කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායමේ නිත්‍ය නායකයා වන විරාත් කෝලි විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇති අතර කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මා හට පැවරීමට තීරණය කර තිබෙනවා.

කණ්ඩායමේ උප නායකත්වයට ශිකර් ධවාන් නම් කර ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙන්නේ. ඊට අමතරව 20 හැවිරිදි නවක වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන කලීල් අහමඩ් කැඳවා තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නම් කරන ලද 16 දෙනෙක් ගෙන් යුත් සංචිතය පහතින් දැක්වෙනවා.

රෝහිත් ෂර්මා (නායක), ශිකර් ධවාන් (උප නායක), KL රාහුල්, අම්බට්ටි රයිඩ්ඩු, මනේෂ් පාන්ඩේ, කේදර් ජාදෙව්, MS දෝනි, දිනේෂ් කාර්තික්, හර්දික් පාන්ඩ්යා, කුල්දිප් යාදෙව්, Y චාහල්, ඇෂර් පටෙල්, භුවනේශ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රාහ්, ශාර්දුල් ඨාකුර් සහ කලීල් අහමඩ්