Thursday, March 28, 2024

General line - 0115112241

ජනපති ලුම්බිණිය වැඳ පුදා ගනී




නේපාලයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුදුන් වහන්සේ උපත ලද අසිරිමත් ලූම්බිණිය වැද පුදා ගැනීමට අද (01) පෙරවරුවේ එක් වුණා. අද පෙරවරුවේ ලූම්බිණිය පුද බිම වෙත ගිය ජනාධිපතිතුමා පළාත් ප්‍රධාන අමාත්‍ය සහ සංස්කෘතික අමාත්‍යවරයා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා.

අනතුරුව ජනාධිපතිතුමා ආගමික වතාවත්වලට එක්වූ අතර ලූම්බිණිය වෙත පැමිණෙන කිසිදු රාජ්‍ය නායකයෙකුට පවා අවස්ථාවක් නොලැඛෙන, සිදුහත් කුමරු උප්පත්තිය ලබා පළමු පියවර තැබූ ස්ථානය ස්පර්ශ කරමින් වන්දනාමාන කර ගැනීමේ දුර්ලභ අවස්ථාව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් සළසා තිබුණා.

ලූම්බ්ණි ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර පූජ්‍ය ගලහපිටිය ප්‍රේමරතන නායක ස්වාමින් වහන්සේ විසින් මෙහිදී ආගමික වතාවත් සිදුකොට ජනාධිපතිතුමා ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළ කළා.

අනතුරුව ජනාධිපතිතුමා ලූම්බිණි පුද බිමේ පිහිටි මායා දේවි විහාරය ද වැද පුදා ගත්තා. එහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැවූවා.