Friday, April 19, 2024

General line - 0115112241

රුසියානු ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රුසියාවේ සෝචි නුවරදී මගී ප‍්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ රුසියාවේ මොස්කව් අගනුවර සිට සොචී නුවර දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ගොඩබැස්වීමට යාමේදී ගුවන්පථය ආසන්නයේ පිහිටි වැටක ගැටී අනතුර සිදුව ඇති බවයි. ඒ සමග යානයේ එක් එන්ජිමක් ගිනිගෙන තිබෙනවා. 

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානය තුළ මගීන් 164 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු සිටි බව සඳහන්. අනතුරින් මගීන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් අතර සිටින තිදෙනෙකු කුඩා දරුවන්. යානය අනතුරට ලක්වන අයුරු දැක හෘදයාබාධයක් හටගත් ගුවන් තොටුපළ කාර්යය මණ්ඩල සාමාජිකයෙකුද රෝහල්ගත කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

අනතුර සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් කඩිනම් පරික්ෂණයක් ද ආරම්භ කර ඇතැයි සඳහන්. කෙසේවෙතත් යානය ගොඩබස්වන අවස්ථාවේදී දැඩි වර්ෂාතනයක් සහ ප‍්‍රභල සුළං ධාරා ද පැවැති බවයි වාර්තා වන්නේ.