Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා රග්බි නායකයා කනගාටුවෙන්

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




18 වැනි ආසියානු කී‍්‍රඩා උළෙලේ රග්බි ඉසව්ව පිළිබද පදක්කම් බලාපොරොත්තු ගිලිහීම ගැන තමන් කනගාටු වන බව ශී‍්‍ර ලංකා රග්බි නායක සුදර්ශන මුතුතන්ති‍්‍ර පවසනවා. ජකාර්තා නුවර ඊයේ (01) රාති‍්‍රයේ පැවති පිරිමි රග්බි ඉසව්වේ ලෝකඩ පදක්කම සදහා පැවති තරගය ශී‍්‍ර ලංකාව පරාජය වීමෙන් අනතරුව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

සිය කණ්ඩායම මෙවර තරගාවලියේදී පරාජය පත් වූයේ ජපානය සහ දකුණු කොරියාව හමුවේ පමණක් බවයි ශී‍්‍ර ලංකා රග්බි නායකයා පැවසුවේ. මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට එක් වූ නවක කී‍්‍රඩකයින්ගේ අත්දැකීම් අඩුවීම මෙවර තරගාවලියේ තමන් දුටු දුර්වලතාවක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.