Saturday, April 20, 2024

General line - 0115112241

කුරුල්ලන් සිය ගණනක් සමග කුරුළු වැද්දෙක් අත්අඩංගුවට (PHOTOS)

කුෂාන් ජයවර්ධන




රක්ෂිතවල සැරසරණ කුරුලූ විශේෂ රංචු වශයෙන් අල්ලාගෙන අලෙවිය සදහා ජා ඇල ප‍්‍රදේශයට රැගෙන යාමේ මහ පරිමාණ ජාවාරමක් කොටුකර ගැනීමට ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඊයේ (01) රාත‍්‍රීයේ සමත්වුණා.

ගනේවල්පොල වනජීවී කාර්යාලයට ලද තොරතුරක් අනුව එම කාර්යාලයේ නිලධාරීන් සිදුකළ ක්ෂණික වටලීමකදී එම කුරුලූ රංචු තොගය හා සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඒ ඉපලෝගම පල්ලේකාගමදී.  රැගෙනයාමට සූදානම් කර සිටි මාල ගිරව් බටු ගිරව් හා ගොයම් කුරුල්ලන් ඇතුලූ කුරුල්ලන් 300ක් පමණ එහිදී වනජීවි නිලධාරීන් සිය භාරයට ගැණුනා.


හිංසාකාරී අයුරින් එම කුරුල්ලන් කුඩා කූඩුවල දමා සිටි බවත් ඇතැම් කුරුල්ලන් එම කූඩු තුලම මිය ගොස් සිටි බවත් වනජීවී නිලධා පවසනවා. කුරුල්ලන් ඇල්ලීමේ මෙහෙයුම සිදුකළ බව කියන පුද්ගලයාද එහිදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර එලෙස අත්අඩංගුවටපත්ව ඇත්තේ  පල්ලේකාගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහුගෙන් කළ ප‍්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු එම කුරුල්ලන් ජා ඇල ප‍්‍රදේශයේ සත්ව ව්‍යාපාරිකයින්ට අලෙවි කරන බවයි. ප‍්‍රදේශයේ වැව් හා වෙනත් කැලෑබද ප‍්‍රදේශවලදී විවිධ උපක‍්‍රම භාවිතකර තමන් එම කුරුල්ලන් රංචු වශයෙන් අල්ලාගෙන ඇති බව ද සැකකරු වනජීවි නිලධාරීන්ට ප‍්‍රකාශ කර තිබෙනවා.. ඔහු කලක පටන් ඉතා සූක්ෂම අයුරින් කුරුලූ ජාවාරම සිදුකර ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

ගනේවල්පොල වන සත්ව අඩවි ආරක්ෂක ඒ.එම්.සාලිය බංඩාරගේ මෙහෙයවීම අනුව වනසත්ව නියාමකවරුන් වන අමිත ශ‍්‍රී නාලක ඞී.එස්.එස්.රත්නායක හා එම කාර්යාලයට අනියුක්ත සිවිල් ආරක්ෂක නිලධාරීන් වන ඩබ්ලිව්.ඒ.ජේ.මංජුල විමල් අමරසිරි ශාන්ත විජේසිංහ එම්.ජී.ආර්.කුමාරසිංහ හා රියදුරු ඉංදික ගුණවර්ධන ඇතුලූ නිලධාරීහු පිරිසක් අදාල වැටලීම සිදු කළා.

2009 අංක 22 දරණ පනතින් සශෝධීත වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට අනුව අත්අඩංගුවටපත් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර  අද (02) කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.