Thursday, March 28, 2024

General line - 0115112241

Facebook එකෙන් ප්‍රේක්ෂකයින්ට බැන්න ක්‍රීඩකයා ICCය දුන් දඬුවම

තරංග රුක්ෂාන් ජයසේකර




බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායමේ යොවුන් කී‍්‍රඩකයෙකු වන ශබීර් රෙහෙමාන්ට මාස 6 ක ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට එරට කි‍්‍රකට් පාලක මණ්ඩලයේ විනය කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඒ, සමාජ මාධ්‍ය භාවිත කරමින් පේ‍්‍රක්‍ෂකයින් පරිභව කිරීමේ චෝදනාව මතයි.

ආසියානු කුසලානයට නම් කළ බංග්ලාදේශ සංචිතයටද ඔහු ඇතුළත් කර නැහැ. ශබීර් රෙහෙමාන්ට මීට පෙරද පළමු පෙළ තරගයකදී පේ‍්‍රක්‍ෂකයෙකුට පහරදුන් බවට එල්ල වූ චෝදනාවට දඩ මුදලක් ද පැනවුණා.

බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරග 11 කට, එක්දින තරග 54 කට සහ පන්දුවාර විස්ස තරග 41 කට ඔහු කී‍්‍රඩා කර තිබෙනවා.