Wednesday, April 24, 2024

General line - 0115112241

යුද ගැටුම්වලින් පසු පළමුවරට පාරම්පරික තිරික්කල් තරඟයක් (PHOTOS)

මාධව කුලසූරිය




උතුරු පළාතේ හින්දු ජනතාව සිදුකරන පාරම්පරික තිරික්කල් තරඟයක් යුද ගැටුම්වලින් පසු පළමුවරට මන්නාරම ප‍්‍රදේශයේදී පවත්වා තිබෙනවා. ඒ සදහා යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් නියෝජනය කරමින් තරඟකරුවන් 31 දෙනෙකු පමණ එක්ව සිටියා.

දෙමළ ජනතාව ගොවිතැන් නිමා කිරීමෙන් අනතුරුව සිය විවේක කාලය ගත කිරීම සදහායි පාරම්පරික තිරික්කල් තරඟ පවත්වන්නේ. යුද සමයේ තිරික්කල් තරඟ පැවැත්වීම සිදුනොවු අතර, යුද්ධයෙන් අනතුරුව ජනතාව තමන්ගේ පාරම්පරික කී‍්‍රඩාවන්ට යොමුවී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.