Saturday, April 20, 2024

General line - 0115112241

සිරියාවේ ගුවන් හමුදා කදවුරක පිපිරීමක් : ඊශ්‍රායෙල් ප්‍රහාරයක්දැයි සැකයක්

දිනුක් හේවාවිතාරණ




සිරියාවේ දමස්කස් අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් හමුදා කඳවුරක විශාල පිපිරීමක් සිදුව තිබෙනවා. එරට මාධ්‍ය සදහන් කරන්නේ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරිම ගුවන් හමුදා කදවුරේ පිහිටි අවි ගබඩාවක සිදුව ඇති බවයි. 

කෙසේ වුවත් එරට රජයට පක්ෂපාතිත්වය දක්වන ඒකාබද්ධ හමුදාවේ උසස් නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට සදහන් කර ඇත්තේ මෙය ඊශ්‍රායාලය විසින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් බවයි. 

මේ හේතුවෙන් අද (02) අලුයම් කාලයේ සිට දමස්කස් අගනුවර පුරා විශාල පිපිරීම් ශබ්ද ඇසුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිරියාවේ සිටින ස්වාධින යුධ නිරීක්ෂකයින් සදහන් කරන්නේ ගුවන් හමුදා කදවුරේ සිදුවූ පිපිරීම හේතුවෙන් මියගිය හා තුවාල වූ පිරිස් සිටින බවයි. කෙසේ වුවත් එය නිශ්විතවම තහවුරු කිරීමට මෙතෙක් හැකියාවක් නැති බවට ඔවුන් විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත.