Thursday, March 28, 2024

General line - 0115112241

ආසියාව දිනන්න ගිය ශී‍්‍ර ලංකාව හිස් අතින් ගෙදර එයි - කී‍්‍රඩා ඇමැති දැඩි තීරණයක

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




කී‍්‍රඩා 28ක් සදහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 173 දෙනෙකු මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට එක් වුණා. එහෙත් ඔවුන් කිසිවෙකුට පදක්කමක් දිනා ගන්නට හැකි වූයේ නැහැ. මෙවර ආසියානු කී‍්‍රඩා උළෙල සදහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අමතරව නිලධාරීන් 78 දෙනෙකු සහභාගි වීම කාගේත් කතාබහට ලක් වුණා.

බොක්සිං, ජිම්නාස්ටික්, රෝලර් ස්කේටින්, ඔරු පැදීම, රුවල් ඔරුපැදීම, ස්කොෂ්, තුන් ප‍්‍රයාම, බර ඉසිලීම, මල්ලව පොර ඇතුලූ කී‍්‍රඩා 10ක ශී‍්‍ර ලංකාව මූලික වටයෙන්ම ඉවත් වුණා. ශී‍්‍ර ලංකාව වැඩි පදක්කම් බලාපොරොත්තු දල්වා සිටි කබඩි, රග්බි සහ මලල කී‍්‍රඩා ඉසව්වලින්ද ශී‍්‍ර ලංකාවට මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේදී පදක්කම් දිනා ගැනීමට හැකි වූයේ නැහැ.

ආසියානු කී‍්‍රඩා උළෙලක කිසිදු පදක්කමක් නොමැතිව ශී‍්‍ර ලකාව හිස් අතින් පැමිණි සිවුවන අවස්ථාව මෙය වනවා. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාව මෙවර මලල කී‍්‍රඩා ඉසව්වල අවසන් තරග 6කට එක්වීම මෙවර විශේෂත්වයක්. මීටර් 400 හතර පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට එක් වූ කාලිංග කුමාරගේ ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් අවසන් තරගයේදී සිවු වැන්නා ලෙස තරගය නිම කළේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා ඉතිහාසයේ එම ඉසව්වේ වාර්තා වූ දෙවන හොදම කාලය වාර්තා කරමින්.

මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේ ශී‍්‍ර ලංකාව පදක්කමට ආසන්න වූ අනෙක් ඉසව්ව වූයේ පිරිමි රග්බි ඉසව්වයි. ලෝකඩ පදක්කම සදහා පැවති තරගයේදී ශී‍්‍ර ලංකාව පරාජය කරමින් දකුණු කොරියාව රග්බි ලෝකඩ පදක්කම දිනා ගත්තේ ශී‍්‍ර ලංකා අවසන් පදක්කම් බලාපොරොත්තුවද සුන් කරමින්.

මෙවර පිරිමි කණ්ඩායම් 20ක් එක් වූ වොලිබෝල් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට හිමිවූයේ 13 වන ස්ථානයයි. රටවල් 12ක් තරග වැදුණු පිරිමි හොකී තරගවලියේදී ශී‍්‍ර ලංකාවට 8 වැනි ස්ථානය හිිමිවුණා. මීටර් 200 නිදහස් පිහිනුම් ඉසව්වට එක් වූ මැතිව් අබේසිංහ එහිදී නව ශී‍්‍ර ලංකා වාර්තාවක් තැබීමට සමත් වුණා.

ඉන්දියාව, පාකිස්තානය, නේපාලනය සහ ඇෆ්ගනිස්ථානය මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේ පදක්කම් දිනා ගනිද්දී ශී‍්‍ර ලංකාවේ මෙවර පසුබෑම හොදින් කැපී පෙනුනා. ආසියනු කී‍්‍රඩා උළෙල ඉතිහාසයේ කිසිදු පදක්කමක් දිනා ගෙන ලංකාව හිස් අතින් පැමිණි සිවුවන අවස්ථාව ලෙස මෙය සටහන් වුණා.

ශී‍්‍ර ලංකාව මෙවර ලද පසුබෑම පිළිබදව කි‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ද සිටින්නේ දැඩි කනගාටුවකින්. කී‍්‍රඩා සංගම්වල කල්ලිවාදය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ පසුබෑමටද හේතුවී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. ඉදිරියේදී ජාත්‍යන්තර කී‍්‍රඩා තරගාවලි සදහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගි කරවීමේදී තමන් දැඩි තීන්දු තීරණ ගන්නා බවයි කී‍්‍රඩා අමාත්‍යවරයා පැවසුවේ.

මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලෙට එක් වූ රටවල් 45 න් රටවල් 37ක්ම කුමන හෝ පදක්කමක් දිනා ගනිද්දී ශී‍්‍ර ලංකාව මෙවර පදක්කම් සටහනට එක්වන්නට හැකියාව ලැබුණේ නැහැ. දින 16ක් පුරා පැවති ආසියානු කී‍්‍රඩා උළෙල මෙවර අවසන් වූයේ සමත් ශූරතාව රන් පදක්කම් රැසක් දිනූ චීනයට හිමිකර දෙමින්. 19 වන ආසියානු කී‍්‍රඩා උළෙල 2022 දී චීනයේදී පැවැත්වීමට නියමිතයි.