Saturday, April 20, 2024

General line - 0115112241

සෝමාලියාවේ අගනුවරට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් - පාසලක් විනාශ වෙයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ඉලක්ක කර ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අගනුවර මධ්‍යයේ මෝටර් රථ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි. පිපිරීමත් සමග ඒ ආසන්නයේ පිහිටි පාසලක් විනාශ වී ඇති බවද සඳහන්.

බෝම්බය පුපුරා ගොස් ඇත්තේ පාසල පැවැත්වෙමින් තිබූ වේලාවක බැවින් එහි සිටි ළමුන් ද ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවටයි සැක පළ වන්නේ. කෙසේවෙතත් ප‍්‍රහාරයෙන් සිදුවූ ජීවිතහානි කොපමණද යන්න සෝමාලියානු බලධාරීන් මෙතෙක් තහවුුරු කර නැහැ.