Friday, April 26, 2024

General line - 0115112241

වසර 200කටත් වඩා පැරණි කෞතුකාගාරයක් ගිනි ගනී (VIDEO)




බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝහි පිහිටි වසර 200කටත් වඩා පැරණි කෞතුකාගාරයක ගින්නක් ඇති වී තිබෙනවා.

බ‍්‍රසීලයේ පිහිටි පැරණිම අධ්‍යයන මධ්‍යස්ථානය ද මෙයයි.

ලක්ෂ 200කට වඩා වැඩි කෞතුක වස්තුන් ප‍්‍රමාණයක් එහි තැන්පත් කර තිබෙනවා.

අමෙරිකානු කලාපයෙන් සොයාගත් පැරණිම කාන්තා මිනිස් ඇට සැකිල්ල ද, ඊජිප්තු කෞතුක වස්තූන් ගණනාවක්ද ඊට අයත්. ගින්න නිවා දැමීම සඳහා නිලධාරීන් තවදුරටත් උත්සහ දරමින් සිටින බවටයි විදෙස් වාර්තා පවසන්නේ. ගින්නට හේතුව තවමත් තහවුරු වී නැහැ.