Saturday, April 20, 2024

General line - 0115112241

යටත් විජිත යුගයේ නීති කඩ කලාට මාධ්‍යවේදීන් දෙදෙනෙකුට වසර 07ක සිර දඬුවම්

දිනුක් හේවාවිතාරණ




රෝහින්ගයා මුස්ලිම්වරුන් සමුල ඝාතනය සම්බන්ධයෙන් වූ රහස් වාර්තාවන් එළිදැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට වසර 07 ක සිර දඬුවම් නියම කිරීමට මියන්මාර් අධිකරණය අද (03) නියෝග කළා.

මියන්මාරයේ, රාඛින්යා ප්‍රාන්තයේ සිදුවූ රෝහින්ගයා සමුල ඝාතනයන් සම්බන්ධයෙන් ගවේශනාත්මක මාධ්‍ය කටයුතුවල නිරත වෙමින්  සිටි රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙක් වන Wa Lone සහ Kyaw Soe ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී සිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට මියන්මාර් බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

මියන්මාරයේ හමුදා මෙහෙයුම් හේතුවෙන් ලක්ෂ හතකට ආසන්නවූ රෝහින්ගයා මුස්ලිම්වරුන් බංග්ලාදේශයට පලා ගිය බවට එක්සත් ජාතීන්ගේ වාර්ථා සදහන් කරනවා.

යටත් විජිත යුගයේ නීති උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබු චෝදනා වලට ඔවුන් තමන් නිවැරදිකරුවන් බවට අධිකරණයේදී ප්‍රකාශ කරත් අවසානයේදී 7 වසරක සිර දඩුවම් නියම කිරීමට අධිකරණය නියෝග කළා.

මිට සතියකට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මියන්මාරයේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව රෝහින්ගයා මුස්ලිම්වරුන් සමුල ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා නැගු අතර ෆේස්බුක් සමාගමද එම හමුදා ප්‍රධානින් රැසකගේ ගිණුම් වසා දැමීමට පියවර ගනු ලැබුවා.