Saturday, April 20, 2024

General line - 0115112241

ක්‍රිකට් නිලවරණය සදහා නව රෙගුලාසි ගෙන එනවා - ක්‍රීඩා ඇමති

අධිකරණ වාර්තාකරු




ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කර ක‍්‍රීඩා රෙගුලාසි සංශෝධනය කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහා නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බවට ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නීතිපතිවරයා හරහා අභියාචනාධිකරණයට අද (03) දන්වා සිටියා. 

ඒ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග ගොනු කළ රිට් පෙත්සමක් කැදවු අවස්ථාවේදීයි. අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන කියා සිටියේ ක‍්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා ස්වාධීන නිළවරණ කමිටුවක් ස්ථාපිත කරන බවයි. ඊට විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු ධුරය හෝ ඊට ඉහල ධුරයක් දරන පුද්ගලයින් දෙදෙනෙකු සහ මැතිවරණ කොමිසමේ මැතිවරණ කටයුතු පිළිබඳ පළපුරුද්දක් සහිත නිලධාරියෙකු පත් කිරීමට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

සැප්තැම්බර් මස අවසන් වීමට පෙර ක‍්‍රීඩා රෙගුලාසි සංශෝධනය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ඉන් අනතුරුව ක‍්‍රිකට් ආයතනය සඳහා නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා. පෙත්සම නොවැම්බර් 30 දා විභාගයට ගැනීමට නියමිතයි .