Friday, April 26, 2024

General line - 0115112241

සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර (VIDEO/PHOTO)

දිනුක් හේවාවිතාරණ




සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස පහර දෙනු ලැබුවා. ඊට අමතරව එම තරුණියන් දෙදෙනාට අමෙරිකානු ඩොලර් 800 ක දඩයක් නියම කිරීමට එරට අධිකරණය නියෝග කළා.

මෙලෙස සමලිංගික සේවනය යෙදීමේ චෝදනාවට මැලේසියානු අධිකරණයක් විසින් දඬුවම් පැමිණවූ පළමු අවස්ථාව ද මෙය වනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී මැලේසියාවේ ටෙරෙන්ගානු ප්‍රාන්තයේ රථ ගාලක නතර කර තිබු කාර් රථයක සමලිංගික ක්‍රියාවන් වල යෙදීමේ චෝදනාවට අවුරුදු 22ක් සහ 32ක් වයසැති තරුණියන් දෙදෙනෙකු එරට ඉස්ලාමික ආරක්ෂක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෂරියා නිතිය අනුව සමලිංගික සේවනය යෙදීම තහනම් වන අතර මේ ඒ අනුවයි මෙම තරුණියන් දෙදෙනාට කස පහර සහ දඩ නියම කරනු ලැබුවා.

මෙලෙස කස පහර ලබා දෙන අවස්ථාවේ දී එය නැරඹීමට 100 කට ආසන්න පිරිසක් රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මෙලස සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට එරෙහිව දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන වලින් මැලේසියාවට දැඩි දෝෂ දර්ශන එල්ල වෙමින් තිබෙනවා.