Thursday, April 25, 2024

General line - 0115112241

SLT ස්පීඞ් අප් පාපැදි සවාරිය අද ඇරඹෙයි




SLT ස්පීඞ් අප් පාපැදි සවාරිය අද (04) ආරම්භ වනවා. ඒ කොළඹ ගාලූ මුවදොර පිටිය අසලින්.

පෙරවරු 08.30ට අද ආරම්භ වන පළමු අදියරේ සමස්ථ දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 159.5ක්. ගාලූ පාර ඔස්සේ  දෙහිවල, රත්මලාන, මොරටුව, පානදුර, කලූතර, අලූත්ගම, බලපිටිය, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, අහංගම, වැලිගම හරහා මාතර දක්වා එය ගමන් කරනු ඇති. සවස 01.00 වනවිට මාතරින් පළමු අදියර නිම කිරීමටයි සැලසුම් කර ඇත්තේ. 

දින 05ක් පුරා පැවැත්වෙන මෙවර පාපැදි සවාරියට නම ගිය පාපැදි කී‍්‍රඩකයින් ඇතුළුව කණ්ඩායම් 15ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයින් 150ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අද ඇරඹෙන පළමු අදියර අවසානයේ සමස්ථ ශූරයාට කහ ජර්සිය පිරිනැමීමට නියමිතයි. වයස අවුරුදු 23න් පහළ ඉදිරියෙන්ම සිටින කී‍්‍රඩකයාට සුදු පැහැති ජර්සිය පිරිනැමෙනු ඇති. 

මෙරට පළමුවරට පැවැත්වෙන දෙදින කාන්තා පාපැදි සවාරිය ලබන 07 සහ 08 යන දිනවලදී පැවැත්වෙනවා. මෙරට පළමු වරට පැවැත්වෙන පැරා පාපැදි තරගයක්ද මෙවර SLT ස්පීඞ් අප් පාපැදි සවාරියට අයත්. එය ලබන 08වැනිදා ආරම්භ වනවා. වසර 15කට පසු 18 වංගුව හරහා ගමන් ගන්නා පළමු පාපැදි සවාරියද මෙයයි.