Thursday, March 28, 2024

General line - 0115112241

සිරියානු රජයට ට්‍රම්ප් ගෙන් පණිවිඩයක්

දිනුක් හේවාවිතාරණ




සිරියානු කැරළිකරුවන් රැදි සිටින ඉඩ්ලිබ් ප්‍රාන්තය ඉලක්ක කර ගනිමින් සිරියානු රජයේ හමුදාවන් සහ ඔවුන්ට සහය පළකරන රුසියානු සහ ඉරාන ඒකාබද්ධ හමුදාවන් සිදුකරන "නොසැලකිලිමත්" හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර සිටින්නේ මෙම මෙහෙයුම් නිසා ඉඩ්ලිබ් ප්‍රාන්තයේ කොටුවි සිටින දහස් සංඛ්‍යාත සිවිල් වැසියන්ගේ ජිවිත වලට තර්ජණයක් එල්ල වි ඇති බවයි.

මේ අතර සිරියාවේ කැරළිකරුවන් සතු අවසන් බළකොටුව වන ඉඩ්ලිබ් ප්‍රාන්තය ඉලක්ක කර ගනිමින් දැවැන්ත මෙහෙයුමක් දියත් කිරිමට කටයුතු කරන බවට සිරියානු රජයේ හමුදාවන් මේ වන විට ප්‍රකාශ කර සිටි.

එක්සත් ජාතින්ගේ සංවිධානය සදහන් කරන්නේ මෙවැනි මෙහෙයුමක් හේතුවෙන් සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් අනතුරු වැටෙනු ඇති බවයි.

සිරියානු රජයේ හමුදාවන් සහ ඔවුන්ගේ සහය හමුදාවන් යම් හෙයකින් විෂ රසායනික ප්‍රහාරයන් එල්ල කලහොත් වොෂිංටනය නොපමාව ඒ පිලිබදව සිය ප්‍රතිචාරය දක්වනු ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව දැනුම් දි තිබෙනවා.

දැනට ලැබෙන වාර්තාවන්ට අනුව ඉඩ්ලිබ් ප්‍රාන්තයේ අල්-නුස්රා සහ අල් කයිඩා සටන්කාමින් 10,000කට ආසන්න සංඛ්‍යාවක් රැදි සිටි.

රුසියානු ආරක්ෂක ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා අහිංසක සිවිල් වැසියන්ව මිනිස් පලිහක් සේ යොදා ගෙන සිටින ත්‍රස්තවාදින් සියළු දෙනා විනාශ කළ යුතු බවයී.