Friday, April 19, 2024

General line - 0115112241

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්න නිවන්න හමුදාව සහ වරායත් සහයට එයි - අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS/UPDATE)

දිනුක් හේවාවිතාරණ / චම්ලි ඒකනායක




බ්ලූමැන්ඩල කුණු කන්දේ හටගත් ගින්න පැතිරයාම වලක්වා ඇතැයි අද පස්වරු 4.40ට පමණ කොළඹ ගිණි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ සඳහා කොළඹ ගිණි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිණි නිවීම් රථ 5ක් යොදවා තිබෙනවා. මීට අමතරව කොළඹ වරාය, යුද හමුදාව සහ ගුවන් හමුදාවද එක්ව සිටිනවා.

-------------------------------------

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්නක්

04-09-2018 14:35

කොළඹ බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්නක් හට ගෙන ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සදහන් කරනවා.

ගින්න නිවීම සදහා මේ වන විට ගිනි නිවීමේ රථ දෙකක් එම ස්ථානයට යොමු කර ඇති බව එහි ප්‍රකාශකයෙක් nethnews.lk වෙත සදහන් කර සිටියේ. .

කොළඹ බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්න ප.ව 2.30ට පමණ දිස්වූ ආකාරය. ගින්න පාලනය කරමින් පවතිනවා.

 

කොළඹ බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්න ප.ව 1.40 පමණ දිස්වූ අයුරු.