Friday, March 29, 2024

General line - 0115112241

සමුගන්නා හිටපු එංගලන්ත නායකයා සිදුකළ අපුරු තේරීම : සචින් එලියට සංගා ඇතුලට (VIDEO)

දිනුක් හේවාවිතාරණ




සිය ක්‍රිකට් දිවියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළ හිටපු එංගලන්ත කණ්ඩායමේ නායක ඇලෙස්ටයාර් කුක් අපුරු තේරීමක් සිදුකර තිබෙනවා.

ඒ ඔහු සිය ක්‍රීඩා දිවියේ සමුගැනීම ප්‍රකාශයට පත් කළ කුක් තම  සමග ක්‍රීඩකයින් 11 දෙනෙක් ගෙන් යුත් කණ්ඩායම නම් කර ඇති බව ලෝර්ඩ්ස් ක්‍රීඩා සමාජය සදහන් කර සිටිනවා.

සිය අවසන් ටෙස්ට් තරගයට ඉන්දියාවට එරෙහිව සැප්තැම්බර් 07 වනදා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කුක් ගේ ප්‍රියතම කණ්ඩායමට කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු ඇතුලත් නොවීම විශේෂත්වයක්. ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණු සහ ශතක සංඛ්‍යාවක් රැස් කළ සචින් තෙන්ඩුල්කාර් හෝ දැනට ලොව ඉහලින්ම සිටින පිතිකරුවෙක් වන විරාත් කෝලි හට එහි ස්ථානයක් හිමි නොවීම කාගේත් විමතියට ලක්ව තිබෙනවා.

තමන් ගේ ප්‍රියතම කණ්ඩායමේ නායකයා ලෙස කුක් නම්කර ඇත්තේ හිටපු එංගලන්ත ක්‍රීඩකයෙක් වන ග්‍රැහැම් ගුච්ය. එමෙන්ම එහි ආරම්භක පිතිකරු යුගලය ලෙස ග්‍රැහැම් ගුච් සමගින් ඕස්ට්‍රේලියාවේ හිටපු ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් නම් කර තිබෙනවා.

පිළිවලින් අංක 3 සහ 4 ස්ථානයන් සදහා රිකි පොන්ටින් සහ බ්‍රයන් ලාරා නම් කර ඇති කුක් සිය කණ්ඩායමේ 5 වන පිතිකරු ස්ථානය ඒබි ඩිවිලියර්ස් නම් කර තිබෙනවා.

අංක 6 පිතිකරු සහ කඩුලු රකින්නා වශයෙන් නම් කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා වන කුමාර් සංගක්කාරයි. දකුණු අප්‍රිකානු පිතිකරු ජැක් කාලිස් අංක 7 පිතිකරු ලෙස නම් කර තිබෙනවා.

ඊට අමතරව සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් මෙම කණ්ඩායමට ඇතුලත් කර ඇති අතර ඊට අමතරව පන්දු යැවීමේ අංශයෙන් කණ්ඩායමට ෂේන් වොන්, ග්ලෙන් මැක්ග්‍රාත් සහ වත්මන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ඇතුලත්.