Thursday, March 28, 2024

General line - 0115112241

සාමකාමීව හැසිරෙන තාක් බාධාවක් නෑ - පොලිසිය කියයි



කොළඹට පැමිණෙන සාමාන්‍ය ජනතාවට අවහිරයක් ඇති නොවන පරිදි අද (05) දිනයේත් නීතිය හා සාමය ආරක්ෂා කරන බවට පොලිසිය සහතික වනවා. කෙසේ වෙතත් සාමකාමීව හැසිරෙන තාක් කිසිදු උද්ඝෝෂකයෙකුට ද බාධාවක් ඇති නොකරන බවයි පොලිසිය අවධාරණය කළේ. 

ඊයේ (04) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේ දී ද මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා.

එහිදී අදහස් දැක්වූයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණයි. 

කිසියම් කළහකාරී තත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීමට ද පොලිසිය කටයුතු කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

අද පැවැත්වෙන ‘‘ ජනබලය කොළඹට’’ විරෝධතා රැළිය නිසා මහජන පීඩා ඇති විය හැකි බවත්, එබැවින් එම පීඩා වැළැක්වීමට නියෝග ලබාදෙන ලෙසත් පොලිස් ස්ථාන කිහිපයක් ඊයේ (04) අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහෙත් අධිකරණය පැවසුවේ මහජන පීඩා ඇති වන්නේ නම් එම පීඩා වැළැක්වීමට වෙනම නියෝග අවශ්‍ය නොවන බවයි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිසියට බලය තිබෙන බවද අධිකරණය පෙන්වා දුන්නා.
 

(අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)